ගිහි අරගලයක අරුණෝදය
පොත පිළිබඳව
චන්ද්‍ර කීර්ති කුලරත්නයන් පිළිබඳව මා ලිවීමට වඩා තවත් පුද්ගලයන් විසින් ඔහුව දකින ආකාරයද, ඔහු පිළිබඳව අත්දැකපු සජීවී සිදුවීම් හරහාද ලියැවුණු ලිපි පෙළකින් මෙම පොත ඉදිරිපත් කිරීම ඔහුට කරන සාධාරණයක් යැයි මට සිතේ. එය ප්‍රිස්මයක හැඩතල හඳුනාගැනීමක් වනු ඇත. පරිච්ඡේද ආරම්භයේදී මා විසින් ලියූ සංකල්පමය විග්‍රහයන්ද එවැනිම හඳුන්වාදීමකි. මෙම පොතෙහි සියලුම ලිපි පෙළ ගැස්වීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තූතිවන්ත වන අතර, මේ වන විට ලිපි සම්පාදනය කළ අය අතර සග සැපත් අය සමිඳුන් තුළ ගෞරවාදරයෙන් සිහිපත් කරමි.
මොහු පිළිබඳව ලියැවෙන විට 'කිතු දන පුබුදුව' නොලියා සිටීමට බැරි බව සෑම දෙනාම දන්නා කරුණකි. ගහට පොත්ත වන්නා සේ සිරි ඔස්කා අබයරත්න (ස්වාමි තාත්තාට) පියතුමාට චන්ද්‍ර කීර්ති නැතුවාම බැරි විය. 'පුබුදු ගීතාංජලිය' අධ්‍යයනය කරන කවරකු වුවද මෙම පොතටත් වඩා චන්ද්‍ර කීර්තිගේ ඇතුළාන්ත අත්දැකීම සොයා ගනු හැකි බව මගේ විශ්වාසයයි. ඔස්කා අබයරත්න පියතුමාගේ අත්දැකීම ප්‍රායෝගිකව ලේඛන ගත කිරීමේ අනාවරණය කීර්ති තාත්තාගේ වචන තුළ නිදන්ගතව තිබුණි. එම නිසාම මෙම පුද්ගල චරිතය ඉස්මතු කිරීමෙන් ඔබ්බට ගොස් දුබල ඔහුව සමිඳාණන් වහන්සේගේ මෙහෙයවීමට නතු වූ ආකාරය අනාවරණය කරගැනීමේ ප්‍රඥාවන්ත සිතක් පාඨක ඔබ තුළ ජනිත වේවායි මා ප්‍රාර්ථනා කරමි.
- සංස්කරණය
- නිරාජ් පීරිස්
- ප්‍රකාශක
- Quo Vadis ප්‍රකාශකයෝ
- ලිපිනය
- 431/5, පොඩිවීකුඹුර, රාගම